Gossips

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ බලය නිදහස් පක්ෂයට

පළාත්පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නිදහස් පක්ෂය නියෝජනය කරන ජයන්ත මාරසිංහ අද (02) තේරී පත්වී තිබෙනවා.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී උප සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ සිසිර දේශප්‍රිය මන්ත්‍රීවරයායි.
සභාපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ අනුරාධ රත්නායක මන්ත්‍රීවරයා අභිබවා ඡන්ද ලබාගැනීම හේතුවෙනුයි නිදහස් පක්ෂයට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හැකිවී ඇත්තේ.
මීට අමතරව පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නීතීඥ මධුර විතානගේ තේරී පත්වී තිබෙනවා.