Gossips

රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට

ගලේවෙල – දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව, පියා, පුතා සහ දියණියයි.
ඔවුන්ගේ සිරුරු මේ වනවිට දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල තැන්පත් ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.