Gossips

දුරදිග ගිය අනියම් සම්බන්ධය මරණයකින් කෙළවර වෙයි

කොටගල, දිඹුලපතන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අපරාධය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ බිරිඳ සමඟ ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා තම බිරිඳට ද පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා කොටගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 49ක තැනැත්තෙක් බව සඳහන්.
මෘත ශරීරය කොටගල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (02) දින සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.