Gossips

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍යාධාර වැඩි කරන බව අගමැති කියයි

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ඔවුන්ට ලබාදෙන මූල්‍යමය ආධාර වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවසාය – 2018 ප්‍රදර්ශනයට කොළඹ දී අද (01) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.