Gossips

මන්ත්‍රීවරයෙකුගේ හැඳුනුම්පත ඉල්ලූ පොලිස් නිලධාරියෙකු නිසා, කොටදෙණියාව උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති විවෘත කිරීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීයෙකු, මන්ත්‍රීවරයාගේ හැදුනුම්පත පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් සමඟයි.
කොටදෙණියාව – බඩල්ගම – අළුගොල්ල පාලම විවෘත කිරීම අද උදෑසන පැවැත්වුණේ එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත්, උත්සවය අතරතුර පොලිස් නිලධාරියෙකු පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා බලපත්‍ර තිබේද යන්න ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.