Gossips

වාහනවල බැටරි ගැලවූ අයෙකු අත්අඩංගුවට

කටුගස්තොට නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නවතා තබන ලොරි ඇතුළු වාහනවල බැටරි ගලවා ඒවා විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ඊයේ (31) අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
වැඩිදුර පරීක්ෂණවලදී මොහු විසින් ගලවා ඉවත් කරන ලද බැටරි 20ක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.