Gossips

වඟුරු බිමෙන් වැටලූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය (ඡායාරූප)

මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ වඟුරු බිමක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් අද (01) උදෑසන වටලා තිබෙනවා.
වැටලීමේදී ගොඩා මිලි ලීටර් පහලොස් ලක්ෂ දොළොස් දහසක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පියවර ගෙන ඇති බව සඳහන්.
එළඹෙන අළුත් අවුරුදු සමයේ අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ බවටයි අනාවරය වී ඇත්තේ.
වැටලීමේදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ මවගේ නිවස පිටුපස සඟවා තිබූ තවත් ගොඩා බැරල් දෙකක් පොලිසිය විසින් සොයාගැනුණා.
අනතුරුව නිවසේ හිමිකාරිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැලිපැන්න පොලිස් ස්ථානයට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි අධිකරණ කටයුතු වැලිපැන්න පොලීසිය විසින් සිදුකිරීමට නියමිත බව සඳහන්.

ඡායාරූප – ධනුෂ්ක ලංකා