Gossips

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා.
වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු භටයන් 290,000 ක් එක්ව සිටින බව සඳහන්.
පසුගිය පෙබරවාරියේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතව තිබුණද දකුණු කොරියාවේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙල නිසා එය කල් දමනු ලැබුවා.
මෙවර යුද අභ්‍යාසයට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා හාරක නෞකාවක්ද එක්වීමට නියමිතයි.
උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා යොමුවෙමින් සිටින බැවින් මෙවර යුද අභ්‍යාසය ප්‍රකෝපකාරී නොවන ලෙස පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි.