Gossips

චීන උඩුගුවන් පරික්ෂණාගාරය පොළවට කඩාවැටීම හෙට අලුයම

සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වනවා.
චීන අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ එය හෙට (02) දිනය තුළ මෙලෙස පෘථිවි වායු ගෝලයට ඇතුලුවනු ඇති බවයි.
එහිදී විනාශ වන අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ විශාල කොටස් පෘථිවිය මත පතිත වීමේ අවදානමක් නොමැති බවද එමඟින් කියා සිටියා.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය පවසන පරිදි චීන උඩුගුවන් පරීක්ෂණාගාරය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 4.45 ට පෘථිවියට කඩාවැටෙනු ඇති.
2011 වසරේ චීනය විසින් උඩුගුවනට යැවූ ටොන් 8ක් පමණ බරැති ටියන්ගොන් – 1 පරීක්ෂණාගාරය 2016 වසරේ මාර්තුවේදී අක්‍රිය වූ අතර, එය පොළොවට ඇද වැටෙන්නේ පාලනයකින් තොරවයි.