Gossips

සාදයක් අතරතුර ඇදවැටී තරුණයෙකු මරුට

ලක්ෂපාන දියඇල්ල අසළ සංචාරක නිකේතනයක උඩුමහලෙන් පහළට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.
නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කළේ ඔහු, මිතුරන් පිරිසක් සමග අදාළ දිය ඇල්ල අසළ ඇති මෙම සංචාරක නිකේතනයට සාදයක් පැවැත්වීම සඳහා ගොස් ඇති බවයි.
පසුගිය 26 වනදා මධ්‍යම රාත්‍රියේ මෙලෙස ඔහු උඩුමහලෙන් ඇද වැටී ඇති අතර, අනතුරුව ලක්ෂපාන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අද අලූයම මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය තරුණයා අලූතින් මෝටර් රථයක් මිලදී ගැනීම වෙනුවෙන් මිතුරන්ට සාදයක් පවත්වමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.