Gossips

හිටපු ජනපතිගෙන් චෝදනාවක්

70 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙරට සංස්කෘතිය විනාශ කරන්නක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළියේ පැවති ජන හමුවකදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජනරැළික් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගරයේදී පැවැත්වුණා.
අද පස්වරු 4ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන රැළියට එක්වුණා.
නිදහස් දින උළෙලේදී මෙරට සංස්කෘතිය විදහා දැක්වීම වෙනුවට ලැප්ටොප් යොදාගෙන නර්තන සකස් කර ඇති බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරයේ පැවති ජනරැළියකට එක්වෙමින්.
හිටපු ජනාධිපතිවරයා එහිදී උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් මත දෙකක කටයුතු කරන බවයි.