Gossips

සුපිරි කුණාටුවකින් ටෝකියෝව යටවීමේ අවදානමක්

සුපිරි සුළි කුණාටුවක් මගින් උස් රළ ඇතිවී ජපානයේ ටෝකියෝ අගනුවර තුනෙන් එකක ප්‍රදේශයක් මුළුමනින්ම ජලයෙන් යටවිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ටෝකියෝ නාගරික පරිපාලනයේ අනුග්‍රහයෙන් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව එවැනි සුළි කුණාටුවකින් ටෝකියෝ නුවර මිලියන 4 ක පමණ ජන කොටසක් පීඩාවට පත්විය හැකියි.
මෙම අධ්‍යයන වාර්තාව එළි දක්වා ඇත්තේ ලොව පුරා සුළි කුණාටු වැඩිවීමේ අවදානමක් පවතින විට බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ටෝකියෝව සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයට අනුව එහි වර්ග කිලෝමීටර 212 ක පමණ ප්‍රමාණයක් සුළි කුණාටුවක් නිසා ඇතිවන උස් රළ හේතුවෙන් ජලයෙන් යටවිය හැකි අතර, ඇතැම් ස්ථාන මීටර 10 ක් පමණ ජලයෙන් යටවිය හැකියි.
මෙම අධ්‍යයනයට අනුව හදිසි අවස්ථාවකදී ජනතාව ඉවත් කරගැනීමේ සැළසුම් ආදිය යාවත්කාලීන කිරීමට ටෝකියෝ පරිපාලකයන් සූදානම්.
ටෝකියෝ නුවර ජනගහණය මේ වනවිට මිලියන 13.7 කට ආසන්නයි.