Gossips

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී 10 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාලම නගරය වන ඉන්දෝර් හි සිව් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බවයි වාර්තාවන්නේ.
9 දෙනෙකු ඉවත් කරගැනීමට හැකිවී ඇති අතර, 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථයක් මෙම ගොඩනැගිල්ලේ ගැටීමෙන් එහි කඩාවැටීම සිදුවූ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කළා.
නවාතැන්පල සහ අවන්හල් පිහිටි මෙම ගොඩනැගිල්ල ඉතා පැරණි අබලන් තත්ත්වයේ පැවති එකක් බව සඳහන්.