Gossips

පළාත් පාලන සභිකයින්ට හිටපු ජනපතිගෙන් උපදෙසක්

අණ්ඩු බලය වෙනත් පක්ෂයක් සතුවන බැවින්, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභීකයන් වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ගම්පහ, ඇඹිලිපිටිය, කොලොන්න, කටුවන, අගුණුකොලපැලැස්ස සහ තවත් පළාත් පාලන අයතන කිහිපයක සභිකයන් අද (31) තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එම අවස්ථාවේදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.
‘‘ මං හිතන්නේ විධායක බලය තියෙන තනතුරක් තමයි, මං හැම තිස්සේම කියන්නේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා. ඉතිං ඒක නිසා තමන් කරන කටයුතු සාධාරණව ඉටුවෙන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් තියෙන්නේ අනිත් පැත්තේ. දැන් මේ පහුගිය කාලේ උපසභාපතිවරයෙක් වශයෙන් දිවුරුම් දෙන්න එන්න කිව්වම, මම දැන් මහජන මන්ත්‍රීවරයෙක් මට ඕන වෙලාවට තමයි මම ගන්නේ කියල කියපු අයත් ඉන්නවා. අනිත් එක හොඳටම බීලා. ඉතිං ඒකෙන්ම අපිට පැහැදිලිව පේනවා මෙයා සුදුසු නෑ කියලා. අනිත් එක හිතනවා නම් තමන්ගේ බලයට තමයි ඔක්කොම දින්නේ කියලා එහෙමත් නෙවෙයි. පක්ෂයට ආවේ නැත්තං, පක්ෂයෙන් ආපු නැති චන්ද්‍රිකාට වෙච්ච වැඩේ පෙනුනේ නැ’’