Gossips

බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)

බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා.
අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්.
අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර් රථයක ගැටී අනතුරුව අසල තිබු විදුලි කණුවක ද ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් පාරේ ගමන් කළ පුද්ගලයෙකු සහ කැබ් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – හපුතලේ නයනානන්ද )