දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ ඇන්ටාක්ටිකා සාගර ප්‍රදේශයෙන් අල්වා ගත් තල්මසුන් 333 දෙනෙකු රැගත් ජපාන ධීවර යාත්‍රා 5 ක් දැන් නැවතත් ටෝකියෝව වෙත පැමිණ තිබෙනවා.
තල්මසුන් දඩයම ජාත්‍යන්තර වනජිවි ආරක්ෂක සම්මුතීන් යටතේ තහනම් ක්‍රියාවක් වුවත්, පර්යේෂණ කටයුතු සදහා සීමිත තල්මසුන් සංඛ්‍යාවක් දඩයම් කළ හැකියි.
සම්මුතියේ එම ලිහිල් වගන්තිය උපයෝගි කර ගනිමින් ජපානය වාර්ෂිකව ඇන්ටාක්ටිකාවේ තල්මස් දඩයමේ නිරත වනවා.
තල්මසුන් ජපානයේ ප්‍රනීත ආහාරයක් ලෙසයි සැලකෙන්නේ.