2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි අද (31) ප්‍රථමවරට සිය උපන් ගමට පැමිණියා.
තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම්වල බල කොටුවක්ව පැවති ස්වට් නිම්නයේ මින්ගෝරා හි ඇගේ නිවහනට මලාලා, අද පැමිණ ඇත්තේ හෙලිකොප්ටර් යානයකින්.
ඇයගේ නිවසට පැමිණෙන මාර්ගය ආරක්ෂාව උදෙසා තාවකාලිකව වසා දමා තිබූ බව සඳහන්.
පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්ථානයට පැමිණී මලාලා, දැනට ඇය ඉගෙනුම ලබන එංගලන්තය බලා හෙට (01) නික්ම යාමට නියමිතයි.
මලාලා යූසුෆායි තලෙයිබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදෙසා හඬ නැගීම හේතුවෙන්.