Gossips

ඇමරිකාව වීසා අනුමැතියට සමාජ මාධ්‍ය ඉතිහාසය ඉල්ලයි

ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් තොරතුරු ලබාදිය යුතු වනවා.
මෙම නියෝගය එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු ඇමරිකාවට වීසා බලපත් නොමැතිව පැමිණිය හැකි රටවලට බලපැවැත්වෙන්නේ නැහැ.
එහෙත් ඉන්දියාව, චීනය, මෙක්සිකෝව ඇතුළු රටවල් රැසක මිලියන 14.7ක ජනතාවට වසරකදී මෙම නියෝගය බලපානු ඇති.