Gossips

ඊශ්‍රායල – ගාසා දේශසීමාවේ ගැටුම්වලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට

පැහැර ගත් තම භූමිය ඉල්ලා ගාසා තීරයේ පලස්තීනුවන් දේශසීමා ප්‍රදේශයේ සිදුකරන විරෝධතාවට ඊශ්‍රායල හමුදා වෙතින් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එහිදී පලස්තීනුවන් 16 දෙනෙකු මිය ගොස්, 400කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ 17,000කට අධික පලස්තීනුවන් ගාසා දේශසීමා ප්‍රදේශයේ කඳවුරු බැඳ මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
සාමකාමී ලෙස ඇරඹුණු උද්ඝෝෂණ පසුව ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇති අතර, ඊශ්‍රායල හමුදා ජීව උණ්ඩ යොදාගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.