Gossips

මෝදර දී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෝදර – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි, මිලිග්‍රෑම් 910ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් 20 හැවිරිදි තරුණයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (31) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.