Gossips

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටෙයි – කාන්තාවන් දෙදෙනෙක් මරුට

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම ත්‍රී රෝද රථය ගැටී ඇත්තේ සීදුව ඊරියගහළිඳ දුම්රිය හරස් මාර්ගයේදීයි.
ඊයේ රාත්‍රී 7.35 ට පමණ සිදුවු අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු පිරිස මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි කාන්තාවන් දෙදෙනා මියගොස් ඇත්තේ.
මෘත ශරීර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රා්හලට මාරුකර යවා තිබෙනවා.