Gossips

උත්සව සමයේ අලෙවියට සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සොයා ගැනේ

හෙට්ටිපොල කුරුඳුකුඹුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට සුදානමින් ගබඩා කර තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සමඟ සැකකරුවෝ 8 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිව්දෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සිව්දෙනා හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන්ට අමතරව ලොරි රථ දෙකක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට්ටිපොල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.