Gossips

අදත් ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට අද (31) පස්වරු 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මීදුම් සහිත කාලගුණයක් ද අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල දී තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.