Gossips

බක් පුර පසළොස්වක පොහොය අදයි

උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (31) යෙදී තිබෙනවා.
බුදුන් වහන්සේ දෙවන වරට මෙරටට වැඩම කරනු ලැබුවේ අදවන් පුර පසළොස්වක පොහොය දිනකයි.
චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් මුල් කරගනිමින් නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට බුදුන් වහන්සේ මෙරටට වැඩම කළේ ද බක් පුර පසළොස්වක පෝහෝ දිනයක බව ඉතිහාසයේ සඳහන් වනවා.
එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් වලට අනුව, සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිතිවලින් ජරා හෙවත් මහලු පෙරනිමිත්ත දුටුවේ ද බක් පුර පෝය දිනක බව සඳහන්.
බුද්ධත්වය ලබාගත් පසු උන්වහන්සේ ඥාතීන් සම්මුඛ වීමට ද වැඩම කරන ලද්දේ, බක් පුන් පොහෝ දිනයකයි.
මෙවැනි ශාසනික සහ ඓයිතිහාසික සිදුවීම් මත මෙරට සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට බක් පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වනවා.