Gossips

මුහුදේ සැඟව ගිය තරුණ ජීවිතය

දෙහිවල පොලිස් වසමට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (30) සවස දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශය පදිංචිව සිටි වයස අවුරුදු 17ක තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකරන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.