Gossips

තරඟ තහනමකට ලක්වූ වෝනර් දැඩි තීරණයක් ගනී

තමා කණ්ඩායමෙන් ඉවත් වූයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩා නොකිරීමේ ප්‍රතිඥාවක් සමඟින් බව ඕස්ට්‍රේලියානු පිළේ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් පවසනවා.
දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදාළව තමාගේ පාර්ශවය වෙනුවෙන් සියළු වගකීම් භාර ගන්නා බවයි 31 හැවිරිදි වෝනර් කියා සිටියේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟය අතර පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් හට මාස 12 ක කාලයක තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.
ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 74ක් සහ ජාත්‍යන්තර එක්දින තරඟ 106කට ක්‍රීඩාකර තිබෙනවා.
ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ සංඛ්‍යාව 70ක්.
මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වෙයෙන් ද වෝනර් ඉල්ලා අස් වූ අතර එල්ලවූ චෝදනා හේතුවෙන් ඩේවිඩ් වෝනර්ට සහ ස්ටීව් ස්මිත්ට මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බව තරගාවලියේ ප්‍රධානී රජිව් ශුක්ලා ප්‍රකාශ කළා.
වෝනර් ගියවර තරඟාවලියේදී ද සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර තරඟාවලියට ද ඔහු නායකයා ලෙසයි නම් කර සිටියේ.
ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම් කෙරුණා.
මේ අතර වසරක තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් තුන්දෙනාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබෙනවා.
පන්දුව පලූදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වන චෝදනාව බරපතල නමුත් අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඔවුන් එම වරද නිවැරදි කරගනු ඇති බවයි.