Gossips

ධර්ම ප්‍රදීපය අගුණුකොළපැලැස්ස – අලුත්වැව පුරාණ මහා විහාරයට

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන බක් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳවද ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්. ඒ අනුව ‘‘හිරු ධර්ම ප්‍රදීපය’’ අද (31) දිනය පුරා පැවැත්වෙන්නේ අගුණුකොළපැලැස්ස – අලුත්වැව පුරාණ මහා විහාරය කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 6 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන 8 ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙනවා.
එය මෙහෙය වන්නේ පූජ්‍ය තෝරකොළයායේ සමිත හිමියන් විසින්.
පෙරවරු 9 සිට 10 දක්වා හිරු මැදිරියේ සිට මෙහෙයවන විශේෂ ධර්ම සාකච්ඡාවට ද ඔබට සවන් දිය හැකියි.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දහවල් සම්බුද්ධ පූජාව පෙරවරු 11 සිට අඩ හෝරාවක් පුරා ඔබ වෙත සමීප කරවීමට හිරු එෆ්.එම්. සූදානම්.
දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පස්වරු 1 දක්වා බොදු ගී වැඩසටහන ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙන අතර, එතැන් සිට පුරා පැය දෙකක් පොහෝ දිනය වෙනුවෙන්ම සැකසෙන ගුවන් විදුලි නාට්‍යය ප්‍රචාරය වනවා.
කාව්‍ය විශාරද පූජ්‍ය පුබුදුපුර සුමනතිස්ස ස්වාමීන් වහන්සේ මෙහෙයවන මාපිය වන්දනා විශේෂ වැඩසටහනට පස්වරු 3ට ඔබට සවන්දිය හැකියි.
පස්වරු 4 ට සන්ධ්‍යා විශේෂ ධර්ම දේශනය සිදුකරනු ලබන්නේ රාජකීය පණ්ඩිත පූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේ විසින්.
සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පස්වරු 7 ට යළි කාව්‍යමය ධර්ම දේශනයක් විකාශය වීමට නියමිතයි.