Gossips

හෙරොයින් ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට

පාකිස්ථානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු විසින් ගුලි වශයෙන් සකස් කළ හෙරොයින් ගිල දමා ඇති බව අනාවරණ වුණා.
පසුව 39 හැවිරිදි සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වනවිට හෙරොයින් ගුලි 8 ක් පිටතට ගෙන තිබෙනවා.