Gossips

සංචාරක වෙරළ තීරයන්ට CCTV කැමරා සවිකිරීමට අවධානය

යාපනයේ කරෙයිනගර් කැෂුරිනා වෙරළ ඇතුළු මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීම සඳහා එම මුහුදු තීරයට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට කරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා.
මේ මුහුදු තීරය නැරඹීමට පැමිණෙන සංචාරකයින් විසින් පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නානකාමර පෙළක්ද කඩා බිද දමා තිබෙනවා.
ඒ හේතුවෙනුයි ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට බලධාරින් තීරණය කර ඇත්තේ.
එමෙන්ම මත්පැන් පානය කිරීම, මත් ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සමාජ විෂම ක්‍රියා මෙම මුහුදු වෙරළ තීරයේ සිදුවන නිසා ඒවා අවම කරගැනීමේ අරමුණින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරණ බව කරෙයිනගර් ප්‍රාදේශීය සභා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.