Gossips

රටම කළඹමින් සුරූපී රංගන ශිල්පිණියගේ මළසිරුර මඩ වගුරක තිබී සොයාගනී

පසුගියදා අභිරහස් ලෙස අතුරුදන් වූ බවට වාර්තා පළවූ සුරූපී රංගන ශිල්පිනියගේ මළසිරුර හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ Adea Shabani නමැති ඇමෙරිකානු රංගන ශිල්පිනියක්.
බොහෝ අවස්ථාවල එරට ඇය වඩාත් ජනප්‍රිය වූයේ නිරූපිකාවක් ලෙසයි.
ඇයගේ අතුරුදන් වීමත් සමඟ එරට මේ පිළිබඳව දැඩි ආන්දෝලනයක් අතිවූවා.
මියයනවිට ඇය 25 වන වියේ පසුවූවා.
මීට දින කිහිපයකට පෙර ඇය අතුරුදන්වූ පුවත සමාජ මාධ්‍ය කළඹමින් වාර්තා වූවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වූ ඇයගේ 33 හැවිරිදි පෙම්වතාද මීට පෙර මියයාම විශේෂත්වයක්.
අතුරුදන් වූ නිරූපිකාව සම්බන්ධ විමර්ශන අතරතුරදීයි මෙලෙස එම පෙම්වතා සියදිවි හානිකරගෙන මියගොස් ඇත්තේ.
ඒ අනුව පරීක්ෂණ වලදී ඔහු සඳහන් කර ඇත්තේ පෙබරවාරි 23 වනදා තමන් පෙම්වතිය සමඟ කැලිෆෝනියාවේ සිටින තම ඥාතියෙකුගේ නිවසට යාමට පිටත් වූ බවයි.
කෙසේ වෙතත් අතරමගදී තම පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් තමන් මහමග ඇයව දමා ගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ඇයගේ සිරුර පසුව හමුව ඇත්තේ Macedonia ප්‍රදේශයේ මඩ වගුරක තිබියදීයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ හිසට සිදුවූ හානියක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි.