Gossips

අත්අඩංගුවට ගත් එමිල් රංජන් අනිවාර්ය නිවාඩු යවයි

2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ විමර්ශනවලින් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස්වරයා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන මස 10 වනදා දක්වා ඊයේ (29) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.