Gossips

මොනරාගලදී ගිනි අවි සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

මොනරාගල ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුත්තල, මැදගම සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල ඊයේ (29) මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
21 හැවිරිදි සහ 45 වන වියේ පසුවන මෙම සැකකරුවන් මැදගම, කටුගහගල්ල සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.