Gossips

නිවසෙන් පැනගිය දරුවාට ගාල්ලේදී අත්වූ ඉරණම

තම නිවසෙන් පැනගිය කුඩා දරුවෙකු අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි කුඩා දරුවෙක්.
එම දරුවා සිය දෙමාපියන් සමඟ අමනාප වී මෙලෙස නිවසින් පළාගොස් ඇතිබවයි වාර්තා වන්නේ.
ඒ අතරතුරදීයි දරුවා 50 හැවිරිදි පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ.
මෙලෙස නිවසෙන් පළායන දරුවා ගාල්ල බස් නැවතුම් පොලේදීයි සැකකරුට හමුවන්නේ.
දරුවා මෙලෙස ගාල්ල බස්නැවතුම වෙත පැමිණ ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින තම මිත්තණියගේ නිවසට යාම සඳහායි.
සැකකරු විසින් දරුවාට පවසා ඇත්තේ හෝටලයක රැකියාවක් ලබාදීමට තමන්ට හැකි බවයි.
ඒ අනුව දරුවා සැකකරු සමඟ ගාල්ල තිත්තගල්ල පරදේශයට ගොස් තිබෙනවා.
එම ප්‍රදේශයේ පිහිටි පාලු නිවසකට මෙම දරුවා රැගෙනගොස් සැකකරු විසින් කුඩා දරුවාව අමානුෂික ලෙස අපයෝජනය කර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
අනතුරුව සැකකරු නැවත දරුවා සමඟ ගාල්ල දෙසට බස් රථයක නැගී පැමිණ තිබෙනවා.
ඒ අතරතුර දරුවා ගමන්කරමින් තිබූ බස් රථයෙන් පැනගොස් අසල පිහිටි විහාරස්ථානයකට දිවගොස් තමන්ට සිදුවූ දේ විහාරයේ හිමිවරුන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම විහාරයේ හිමිවරුන් විසින් අහංගම පොලිසියට අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එක්දරු පියෙකු බවටයි වාර්තා වන්නේ.
ඔහු අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර අහංගම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.