තායිලන්තයේ බස් රථයක අද සිදුවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගින්නෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අනෙක් පුද්ගලයින් දිවි ගලවාගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.