Gossips

යුධ හමුදාපති සහ උතුරු පළාත් මහ ඇමති අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී ආරක්ෂක අංශ සතුව පවතින උතුරු පළාතේ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, උතුරු පළාතේ පාසල් දරුවන්ගේ යුධ හමුදා සහයෝගය යටතේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම හා උතුරු පළාතේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සිංහල හින්දු නව වසරට සමගාමීව ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම්වලින් කොටසක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.