Gossips

තලවාකැලේ දී මුහුණට මුහුණලා ගැටුණු ලොරි (ඡායාරූප)

හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවහානය කළ ලොරි රථයක් හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් ලොරි රථයක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (29) රාත්‍රි 11.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ ඩෙරික්ලයාර් වත්ත ප්‍රදේශයේදියි.
තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබූ ගොම පොහොර ප්‍රවහානය කරන ලොරි රථයේ බද කොටසේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන තලවාකැලේ පොලිසිය කියා සිටින්නේ.
අනතුරට පත් එක් ලොරි රථයක බරපතල ලෙස තුවාල ලබා සිටි රියදුරාව එම මාර්ගයේ ගමන් ගත් වාහනවල රියදුරන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ලොරි රථයෙන් ඉවත් කර රෝහල් ගත කර තිබෙනවා.
තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බවත් සිදුවු අනතුරෙන් එක් ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුවි ඇති බවත් තලවාකැලේ පොලිසිය පවසනවා.