Gossips

අගමැති සමඟ සාකච්ඡාවට හකීම් සහ බදියුදීන් නැහැ – එජාපෙ නායකයන් මාධ්‍ය මග හරී

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකින් තොරවයි.
අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.
ඊට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, නවීන් දිසානායක, සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද එක්වී තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය දීම කෙරෙහි ඔවුන්ගේ අවධානය එහිදී යොමුවී ඇති බවයි.
විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණේ සුවසිරිපායේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුවයි.
එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාවුෆ් හකීම්, පී දිගම්බරම්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ චතුර සේනාරත්න එක්ව සිටියා.
කෙසේ වෙතත්, ඊයේ (29) පැවති සාකච්ඡාවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හෝ රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.