Gossips

මහ සිකුරාදා අදයි

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සිහිපත් කරන මහා සිකුරාදාව අදයි.
දෙව්පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා කුරුසිය මත තම ජීවිතය පූජා කළ මහ සිකුරාදා කිතුනු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමින්.
දින 40 ක කාලයක් කිතුනුවෝ එක්වරු ශීලය රකිමින් දානමාන පිරිනමමින් සහ දේව මෙහෙයන් වල යෙදෙමින් මෙම සැමරුම සිදුකරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම පාස්කු ඉරිදා ලෙස හැඳින්වෙන අතර, අනිද්දාට යෙදී ඇති එම සැමරුම කිතුනුවන් සමරන්නේ උත්සවශ්‍රියෙන්.