Gossips

සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියා කළ ඉන්දීය ජාතිකයින් 06 ක් අල්ලයි

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැකියා කටයුතු වල නිරත සිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු සහ ඔවුන්ට රැකියා කරගෙන යාමට අවස්ථාව ලබා දුන් බව කියන මුස්ලිම් ජාතිකයෙකු හලාවත පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ඉන්දීය ජාතිකයින් පිරිස හලාවත – පුත්තලම මාර්ගයේ පිහිටි අවන්හලක අරක්කැමියන් ලෙස සේවය කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් වයස අවුරුදු 23 – 35 වියේ පසුවන අය බවයි සඳහන් වන්නේ.
එම අවන්හලේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවන්හල පවත්වා ගෙන ගොස් ඇත්තේ පුත්තලම – කොත්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති ඉන්දීය ජාතිකයින් පිරිසක් මෙරට රැකියා වල නිරත වන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය විසින් පුත්තලම දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැණුම් දී තිබෙනවා.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැණුම් දීම මත හලාවත පොලීසියේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව වැටලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.