Gossips

ETI මූල්‍ය ආයතනයේ ගණුදෙනුකරුවන් හා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එහිදී ආයතන බලධාරින්ට ගණුදෙනුකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත් කළ දිවයිනේ නන්දෙසින් පැමිණි ගණුදෙණුකරුවන් විශාල පිරිසක් අද කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එහි මූලස්ථානයට පැමිණ සිටියේ තම තැන්පතු ලබා ගැනීමේ අරමුණින්.
එහිදී ආයතන බලධාරින් කොටස් වශයෙන් ගණුදෙණුකරුවන්ට මුදල් ලබාදීමට එකග වී ඇති අතර ඊට ගණුදෙණුකරුවන් එකගත්වය පළ කර නැහැ.