Gossips

අගමැති සහ එජාපෙ නායකයන් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කළ හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අලූත් අවුරුද්දට පෙර සිදුකිරීමට තීරණය කළ බවයි.