Gossips

ඔස්ට්‍රේලියා පුහුණුකරු ඉල්ලා අස්වීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ පසුගියදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවීම හේතුවෙන්.
මේ අනුව දකුණු අප්‍රිකාව සමග ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන අවසන් තරගයෙන් පසු ඔස්ට්‍රේලියා පුහුණුකරුවා ඉවත්වනු ඇති.
පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පනවනු ලැබුවා.
ඒ හේතුවෙන් ඔවුන්ට මෙවර අයි පී එල් තරගාවලිය ද අහිමි වනවා.
එමෙන්ම පන්දුව පළුදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 9 ක තහනමක් පැනවුනා.
මෙම සිද්ධීන් පදනම් කර ගනිමිනුයි 48 හැවිරිදි ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ අලු බඳුන තරගාවලියෙන් අනතුරුවයි.
එහෙත් මෙම තීරණයත් සමග ඔස්ට්‍රේලියා කණ්ඩායමට වෙනත් පුහුණුකරුවෙකු බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවනු ඇති.
ඉල්ලා අස්වීමට තීරණය කළ ද පන්දුව පළුදු කිරීමේ සිද්ධියට පුහුණුකරුවාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.