Gossips

ඇලෝසියස්ගේ සහ පලිසේනගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්‍රතිශෝධන අයදුම්පත් වැඩිදුර සළකා බැලීම ලබන මැයි මස 18 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, එම ප්‍රතිශෝධන අයදුම්පත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරන් ගුණරත්න හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදියි.
මෙහිදී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම මැයි 18 වනදා සිදුකිරීමට නියමිතයි.
තමන්ට ඇප ලබාදෙන ලෙස මොවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් කළ ඉල්ලීම් පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණු අතර, එය අභියෝගයට ලක් කරමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ප්‍රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබුණා.