උත්සව සමය ඉලක්ක කරගනිමින් ඩුබායි සිට නීතිවිරෝධීව ශ්රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විදේශීය මත්පැන් බෝතල් සහ ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද (29) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කුරුණෑගල සහ නිට්ටඹුව ප්රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ව්යාපාරික අරමුණුවලින් ඩුබායි වෙත ගොස් මෙසේ නීතිවිරෝධීව භාණ්ඩ රැගෙන ඒම සිදුකරන බවයි රේගුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 34 කට අධික බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළා.