පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි.
තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇළහැර සහ මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙත මෙලෙස ඉඩම් ඔප්පු ප්‍රදානය සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මීට අමතරව, විහාරස්ථාන 3 කට පූජාභූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිදියාව පුළුල් කරමින් ඉස්ලාමීය දේවස්ථානයට භූමිය වෙන් කරදීමත් අද (29) සිදුකර තිබෙනවා.