Gossips

බඹරයක්, පාසලක් වසයි (ඡායාරූප)

බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් වවුනියාව පැරකුම් මහා විද්‍යාලය අද (29) උදෑසන වසා දමා ඇති බව දරුවන්ගේ දෙමාපියන් පවසනවා.
දෙමාපියන් පැවසූවේ බඹරුන් ඇවිස්සීම හේතුවෙන් දරුවන්ට පාසල වෙත පිවිසීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් පාසල් වසා දමා ඇති බවයි.
පාසල වසා දැමීම හේතුවෙන් දරුවන් නැවත නිවෙස් වෙත පැමිණි බවත්, පාසල් වාර විභාගය පැවැත්වෙන අද දිනයේ පාසල වසා දැමීම හේතුවෙන් දරුවන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් වැඩිදුරත් පවසන්නේ.
මීට පෙර අවස්ථා ගණනාවකදී අදාළ බඹරය ඉවත්කරන ලෙසට විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දුන්නද එය සිදුවී නැහැ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාල නිළධාරීන්ගෙන් විමසීමේදී පැවසුවේ පවතින තත්වය සොයා බැලීමට නියමිත බවයි.

ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය / රොමේෂ් මධුසංක