Gossips

නුවරඑළියේ එජාප බලය කම්කරු කොංග්‍රසයට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයේ වී. යෝගරාජා පත්ව තිබෙනවා.
ඊට අදාල ජන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයාට ජන්ද 12ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට හිමිවූයේ ජන්ද 09ක් පමණයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මෙම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූර 09ක් හිමි වූ අතර ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ධුර 7 ක්, පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 5 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා.
සභාපතිවරයා තේරීම සඳහා අද (29) පැවති ජන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සහය දැක්වීම හේතුවෙනුයි කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයෙකු පත්ව ඇත්තේ.