Gossips

ප්‍රතිසංවිධාන මාස 2 ක් තුළ – එජාප කෘත්‍යාධිකාරිය තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (29) පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී පක්ෂ ප්‍රතිසංවිධාන වාර්තාවද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මාස 02ක් ඇතුලත සිදු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවයි.