Gossips

IPL තරඟාවලියෙන් ඉවත් වූ වෝනර්ගේ තැන ගන්න කුසල් ජනිත් යනවාද ? නැද්ද?

මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට වාර්තා පලවෙනවා.
කෙසේ වෙතත් මෙවර තරඟාවලිය වෙනුවෙන් කුසල් ජනිත් සහභාගී නොවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
හෙට (30) ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය මීට හේතුවනු ඇති බවටයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එල්ලවූ චෝදනාව ඔප්පු වීමත් සමඟ වෝනර් මෙවර අයි.පී.එල්.තරඟාවලියට සහභාගී නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඩේවිඩ් වෝනර්ගෙන් පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට ශිකර් ධාවන් පත්කරනු ඇති බවට වාර්තා වන්නේ.
මේ අතර ස්ටීවන් ස්මිත් ද මෙවර අයි.පී.එල්.තරඟාවලියට එක් නොවන බව වාර්තා වනවා.