Gossips

ජනපති රුසියානු තානාපති කාර්යාලයට

රුසියාවේ කෙමරෝවොහි වෙළඳ සංකීර්ණයක් තුල ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළකර තිබෙනවා.
අද පස්වරුවේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත විශේෂ සටහනක් තබා සිය ශෝකය පළකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මෙම කනගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයත් ජනතාවත් රුසියානු රජය සහ එම ජනතාව සමග සංවේගය බෙදා ගන්නා බව ජනාධිපතිවරයා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත ජනාධිපතිවරයා ශෝකය පළකරන අතර තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරනවා.
අනතුරුව ජනාධිපතිවරයා රුසියානු තානාපතිවරයා සමග සුහද කථා බහකට ද එක්වුනා.